ඇමති විමල්ට එරෙහි නඩුවක් විභාගයට දින නියම වේ

51

අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව විභාගයට ගැනීම සදහා දින නියම කෙරුණා.
මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේ අදාළ නඩුව ලබන 12 වනදා විභාගයට ගැනීමටයි.
2010 සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී ඉන් හිමිවු වැටුපෙන් හා ඔහුගේ ආදායම් වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න දේපලවල හිමිකාරීත්වය දැරීමයි විමල් වීරවංශ මහතාට එරෙහි චෝදනාව වන්නේ.

Your Comments