ඇමති වජිර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි

11

පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලමින් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාව අද දෙවන වරටත් ප්‍රතික්ශේප වුණා.
මෙම යෝජනාව මුල්වරට පසුගිය 03 වනදා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අතර ඊට මුදල් අමාත්‍යවරයා එරෙහි වීම හේතුවෙන් එය සලකා බැලීම කල් දමනු ලැබුවා.
අද දිනයේදීත් රැස් වු අමාත්‍ය මණ්ඩලයේදී යෝජනාව යලි සලකා බැලූණු අවස්ථාවේ අමාත්‍යවරුන් පිරිසක් ඊට විරෝධය පල කර ඇති බව සදහන්.
පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ට ඇමරිකානු ඩොලර් 35,000ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙනවා.
මීට අමතරව ආණ්ඩුව නියෝජනය කරන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් ලබාදිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින්ම ඉදිරිපත් කළ තවත් යෝජනාවක් සලකා බැලීම අමාත්‍ය මණ්ඩලය පසුවට කල්දමා තිබෙනවා.

Your Comments