ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන අවසන් තීරණයකට ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

44

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ වන විට රැස්ව සිටිනවා.
ඒ විජේරාමේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී යි.
අදාළ විශ්වාසභංග යෝජනාවට අද දිනයේ කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබෙනවා.
මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 26 දෙනෙකු ඒ සදහා අත්සන් කර ඇති බව සදහන්.
පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ගෙන ඒමට නියමිත එම විශ්වාසභංග යෝජනාව සදහා ප්‍රථමයෙන් විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අත්සන් කර තිබීම විශේෂත්වයක්.
එම විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන්නේ, රිෂාඩ් බදියුදීන් මහතාට තවදුරටත් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් නොපවතින බවයි.
කෙසේ වෙතත් පවතින තත්වය තුළ ගෙන ආ යුත්තේ විශ්වාසභංගයක් නොව දෝෂාභියෝගයක් බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්න්ද විජේසිරි මහතා පැවසුවේ.

Your Comments