ඇමති පාඨලි රතන හිමි බැහැ දකී

43

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙහි උපවාසයේ නිරත වන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසා බැලීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද පෙරවරුවේ ගොස් තිබෙනවා.  නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ අමාත්‍යවරයා, අතුරලියේ රතන හිමියන් බැහැද දැක සුවදුක් විමසා, උන් වහන්සේගේ අධිෂ්ඨානය ජය ගැනීම සඳහා ශක්තියක් වෙමින් පැමිණි බවයි.
මේ අතර අමාත්‍යවරයා රතන හිමියන් බැහැ දැකීමට පළමුව ඊයේ දිනයේදී රතන හිමියන් උපවාසයේ නියැලෙන හේතු සාධක සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගද සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
අද පෙරවරුවේ දළදා මාලිගාව පරිශ්‍රයේදී පවසා ඇත්තේ රතන ස්වාමීන් වහන්සේගේ සහ පොදුවේ සමස්ත රටේම ඉල්ලීම ඉටු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් අද දිනයේ අපේක්ෂා කරන බවද අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.

Your Comments