ඇමති ජොන්ස්ටන් මහා මාර්ගයේදී වැඩ අරඹයි

29

නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් කිහිප දෙනෙකු අද සිය ධූරයේ වැඩ භාරගනු ලැබුවා.
වෙළඳ අමාත්‍යවරයා ලෙස පත්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ සිය ධූරයේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ වොක්ෂෝල් වීදියේ පිහිටි එම අමාත්‍යාංශයේදීයි.
අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

යළිත්වරක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද පෙරවරුවේ කොළඹ පිහිටි සිය කාර්යාලයේ දී ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩ භාරගනු ලැබුවේ කොළඹ පිහිටි සිය අමාත්‍යාංශයේ දීයි.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍යවරයා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මෙලෙස අදහස් පල කළා.

මේ අතර, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද සිය ධූරයේ වැඩ භාර ගනු ලැබුවා.
ඒ, කුරුණැගල මලියදේව විද්‍යාලය ඉදිරිපිට උමං මාර්ගයක් ඉදිකිරීම සඳහා මුල්ගල තබමින්.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් ඩී.වී. චානක මහතා ද අද සිය ධූරයේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.
අනතුරුව ඔහු මෙලෙස අදහස් පල කළා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදු වැදපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන් වැලි මහ සෑ රදුන් වැඳපුදා ගත් බවයි සිත නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
මිරිසවැටිය සහ අනුරාධපුර ජයන්ති විහාරයට ද පැමිණ ආශිර්වාද ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.

Your Comments