ඇමතිනී විජයකලාගේ ප්‍රකාශය ගැන සොය බලන්නැයි කතානායක නීතිපතිට දන්වයි

18

එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංගනය වී ඇත්ද යන්න විමර්ශනය කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා නීතිපතිවරයාට දන්වා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද දින පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් කතානායකවරයා මෙම පියවර ගත් බවයි.

Your Comments