ඇඳිරි නීතිය යළි පැනවූවද අවසන් පාරිභෝගිකයා දක්වා සේවාව සපයන්න

60

පස්වරු දෙකට යළි ඇඳිරි නීතිය පැනවූවද සාමකාමීව පෝලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සපයන ලෙස වැඩබලන පොලිස්පති සියලුම වෙළෙඳ සැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව මහජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල්වලට පැමිණ ඇති බවත් එලෙස පැමිණි ජනතාව ඉතා සාමකාමීව සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹී ඇති බවට වාර්තාවනබවයි. එසේම එය ප්‍රශංසනීය තත්ත්වයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා.

Your Comments