ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු අද ඇරඹෙයි

52

ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස චීන ශ්‍රී ලංකා මිත්‍රත්තව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකරනු ලබන්නේ පොළොන්නරුවේයි.

ඒ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 12,000 ක්.

උතුරුමැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර ලොව නවීනතම පරීක්‍ෂණාගාර සහ අධි තාක්‍ෂණික පහසුකම්වලින් එය සමන්විතයි.

ඇඳන් 200 කින් සමන්විත වාට්ටු සංකීර්ණය, රුධිර ඛාන්දු කරන යන්ත්‍ර සියයකින් සමන්විත බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය වෘක්ක බද්ද කිරීමේ සේවාව සඳහා අවශ්‍ය නවීන ශල්‍යාගාර 6 ක් මීට ඇතුළත්.

2020 ජූලි මස දී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි.

Your Comments