ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ගැන අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය

7

අමාත්‍ය මණ්ඩලය අද(01) උදෑසන ජනාධිපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමේදී යළි අවධානයට යොමු කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින කිහිපයක සිට උපවාසයේ නිරතවන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඊයේ පැමිණියා.

අනතුරුව ඊයේ පස්වරුවේ එම උපවාසය අත්හිටුවීමටයි ඔවුන් තීරණය කළේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.

මේ අතර රට පුරා ක්‍රියාත්මක වැඩ වර්ජන රැල්ලේ නිර්මාතෘවරුන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් බවට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කලා.

ඒ සිය ප්‍රධාන ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹදී ඊයේ පස්වරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

Your Comments