ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 14000 ඉක්මවයි
අද රාත්‍රියේ සිට වැසි තවත් වැඩි වෙයි

7

දිස්ත්‍රික්ක 12කට බලපෑ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වන විට පවුල් 4 , 153 ක පුද්ගලයින් 14 දහස් 164 දෙනෙකු ආපදා හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ අතර, අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සම්බන්ධයෙන් ගතයුතු සියලු ක්‍රියා මාර්ග නොපමාව ගන්නා ලෙසයි එහිදි ජනපති සහ අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.
මේ අතර දිවයිනේ උතුරු , නැගෙනහිර , ඌව හා මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය අද රාත්‍රී කාලයේ සිට ඉහල යන හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
මධ්‍යම කදුකර ප්‍රදේශ වලට තද වැසි බලාපොරොත්තු වන අතර කදුකර ප්‍රදේශවල නායයාම්ද සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කලා

Your Comments