ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි

10

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටුව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
පස්වරු 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙහෙයුම් කමිටුව රැස්වනු ඇති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් මන්ත්‍රීවරු 21 දෙනෙකුගෙන් සමන්විත වන පරිදි මෙම මෙහෙයුම් කමිටුව පත් කර ඇති බව සඳහන්.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇති අතර අද දිනයේ රැස් වන මෙහෙයුම් කමිටුවේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.
නව ව්‍යවස්ථාවක් සඳහා වූ පළමු දළ කෙටුම්පත මෙය වන අතර මෙහෙයුම් කමිටුවේදී මේ පිළිබඳව සාකච්ඡා කොට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

Your Comments