‘අහිංසකයන් මැරූ තුවක්කුව’ හෙළි කළ ‘ලොව හෙල්ලූ රහස’ මෙන්න

428

නවසීලන්තයේ ක්‍රයිස්ච්ර්ච් නුවර දෙවස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරය එරට ඉතිහාසයේ අඳුරු අවස්ථාවක් බව එරට අගමැතිනි Jacinda Ardern පවසා තිබෙනවා.

ඇය වැඩි දුරටත් දක්වා ඇත්තේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසටයි.

ප්‍රහාරයට විනාඩි 09කට පමණ පෙර තුවක්කුකරු වන ඔස්ට්‍රේලියානු ජාතික Brenton Tarrant නවසීලන්ත අගමැතිනිය ඇතුලු එරට ඉහල පෙළේ පිරිසකට ඊ මේල් මගින් දන්වා යවා තිබුණේ ප්‍රහාරයක් එල්ල කරන බවටයි.

අගමැතිනිය සඳහන් කළේ ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොවූ බවක්.

පසුගිය සිකුරාදා පෙරවරුවේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ක්‍රයිස්ච්ර්ච් දේවස්ථානයේ මෙහෙයට සහභාගීවී සිටි පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 50 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

ප්‍රහාරකයා නවීන රථයකින් පැමිණෙන මොහොතේ සිට දේවස්ථානයට අවස්ථා දෙකක දී ඇතුළු වී වෙඩි වරුසා එල්ල කර මෝටර් රථයෙන්ම පිටව යන ආකාරය ලෝකයා දැන ගත්තේ ප්‍රහාරකයාගේ LIVE FB වීඩියෝවෙන්මයි.

ප්‍රහාරකයාගේ වාහනයේ තුවක්කු ගණනාවක්ම දැක ගත හැකි වූ අතර එම සියලු තුවක්කු කළු පැහැ ගන්වා සුදු පැහැයෙන් විවිධ පුද්ගලයන්ගේ නම් සහ අංක කිහිපයක් මෙන්ම Welcome to hell ලෙසද සටහන් කර තිබුණා.

මෙම අමානුෂික ඝාතතකයාගේ තුවක්කුවල සටහන් වූ නම් සම්බන්ධයෙන් ලොව විචාරකයන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව අනාවරණ වන්නේ ලොව අතීත ඛේදවාචකයන් රැසක්‌ පිළිබඳවයි.

01). Anton Lundin Pettersson

2015 දී ස්වීඩනයේ පාසලක් තුලදී සිසුන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කළ ශිෂ්‍යයායි.
ඝාතනය වුණ සිසුන් දෙදෙනා ඉරාකයෙන් හා සෝමාලියාවෙන් එරටට සංක්‍රමණය වූ මුස්ලිම් ජාතික දරුවන්.

02). 844

පුරාතන යුරෝපයේ මුස්ලිම් ජාතිකයන් සහ ස්පාඤ්ඤ ජාතිකයන් අතර ඇතිවුණ ක්ලවීජෝ සටන

03). මහා ඕඩෝ ආදිපාදවරයා – ආරාබි අධිරාජ්‍යයෙක් පරාජය කළ ගෝල් දේශයේ පාලකයා.

04). Alexandre Bissonnette

2017 වසරේදී කැනඩාවේ පල්ලියක් තුලදී 6 දෙනෙක් ඝාතනය කළ තරුණයා.

06). ස්කැන්ඩර්බර්ග් – ඔටමන් මුස්ලිම් අධිරාජ්‍යයට විරුද්ධව නැගී සිටි ඇල්බෝනියානු කමාන්ඩර්වරයා.

07). Antonio Bragadin

හමුදා ගිවිසුම කඩ කරමින් තුර්කි හමුදා සිරකරුවන් ඝාතනය කළ වැනිසියේ හමුදා නිලධාරියෙක්.

08). චාල්ස් මාෂල් – අන්දලුසියාවේදී මුස්ලිම් හමුදාව පරාජය කල ප්‍රංශ හමුදා නායකයා.

09). වියානා 1683

වියානා නුවර ආක්‍රමණය කිරීමට පැමිණි ඔටමන් මුස්ලිම් අධිරාජ්‍යයා ලැබු පරාජය.

10). Welcome to hell – අපායට සාදරයෙන් පිළිගනිමු.

පල්ලියේ තුවක්කුකරු ප්‍රහාරයට පෙර නවසීලන්ත අගමැතිනිය දැනුවත් කරලා!

Your Comments