අවුරුද්දට ඇමති මංගලගෙන් තෑග්ගක් – ඉන්ධන මිලේ වෙනසක් නැහැ

23

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇමෙරිකානු ඩොලර් 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇමෙරිකානු ඩොලර් 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුව ද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

මාර්තු මස 10 වැනි දා සිදු කෙරුණු ඉකුත් මිල සංශෝධනයේ දී ද උත්සව සමය එළඹීම සැලකිල්ලට ගෙන ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙන්.

Your Comments