“අවිශ්ක ප්‍රනාන්දු කොහෙද හිටියේ ?” – එංගලන්තයට 233ක ඉලක්කයක් 

242

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගයේ එංගලන්තයට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 232ක් රැස් කළා.

මෙය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හයවන තරගයයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පහරදීමට තීරණය කළා.

මැතිව්ස් නොදැවී ලකුණු 85යි

තරගය ලීඩ්ස් හී දී ක්‍රියාත්මකයි.

අවසන් වරට ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගයක දී එංගලන්තයට එරෙහිව පරාජයට පත්ව ඇත්තේ මීට වසර 20කට පමණ පෙරයි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවාර දෙක තුළ දැවී ගිය අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ පළමු ලෝක කුසලාන තරගය ක්‍රීඩා කළ 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුයි.

අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට එක් කර ඇත්තේ ලහිරු තිරිමාන්න වෙනුවටයි.

අවිශ්ක ප්‍රනාන්දු, පන්දු 34කදි වේගවත් පිති හරඹයක යෙදෙමින් ලකුණු 49ක් රැස් කළේ ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය තමන් වෙත යොමු කර ගනිමින්.

එංගලන්තයේ හොඳම පන්දු යවන්නා ලෙස සැලකෙන ජෝෆ්රා ආර්චර්ට එරෙහිව එල්ල කළ අලංකාර හතරේ සහ හයේ පහරවල්, ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන්ගෙන් අවධානය දිනා ගැනීමට සමත්වුණා.

ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘ක්‍රීක්ඉන්ෆෝ’ හි ප්‍රධානියෙකු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රශ්න කර තිබුණේ “අවිශ්ක ප්‍රනාන්දු මෙතෙක් කොහෙද හිටියේ ?” යනුවෙනි.

Your Comments