අවසන් තීරණයක් ගන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද රැස්වෙයි – අගමැතිගෙන් හෙට කැඳවීමක්

14

කොවිඩ් මර්දන සහ බෝවන රෝග පාලන රාජකාරිවලින් ඉවත්ව සිටීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන්නේද යන්න සම්බන්ධයෙන් අද[27] දිනයේදී අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සිය ක්‍රියාමාර්ගයට සහය දක්වන අනෙකුත් වෘත්තීය සමිති සමග විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියාසිටියේ.
මහ මැතිවරණ රාජකාරි සඳහා ප්‍රමාණවත් බලතල නොදීමට විරෝධය පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින කිහිපයක සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.
මේ අතර සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට[28] දිනයේදී අග්‍රාමාත්‍යවරයාගෙන් කැඳවීමක් ලැබී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලා.

Your Comments