අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට නියෝගයක්

30

අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ , රැස්වීම් හා පෙළපාලි සම්බන්ධයෙන් අද සිට ලබන 10 වනදාතෙක් බලපැවැත්වෙන පරිදි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
විරෝධතාවක් පවත්වන්නේනම් සාමකාමීව හා නීත්‍යානුකූල ලෙස පැවැත්වීම ඇතුලු කොන්දේසි 5 ක් එම නියෝගය මගින් පනවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිංහල ජාතික බලමුලුවේ කැඳවුම්කරු පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුලු පිරිසක් වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Your Comments