අරුවක්කාරු කසල අංගනයට කසල රැගෙන ගිය ලොරි රථයකට අදත් ගල් ප්‍රහාරයක්

53

වනාතවිල්ලූව – අරුවක්කාරු කසල අංගනය වෙත කසල රැගෙන යමින් තිබූ ලොරි රථයකට අද ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ, පුත්තලම – තිල්ලඩිය ප්‍රදේශයේදී යි.

පහරදීමෙන් ලොරි රථයට අලාභ හානි සිදුවී ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

ලොරි රථය පසුපසින් එහි ආරක්ෂාව සඳහා ගමන් කළ පොලිස් රථයකට ද මෙම පහර දීමෙන් හානි සිදුව තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

Your Comments