අර්ජුන යළි ක්‍රිකට් පිටියට එයි

95

1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යළි ක්‍රිකට් පිටියට පිවිසෙනවා.

ඒ ලොව පුරා පැවැත්වෙන විවිධාකාර වු ක්‍රිකට් තරඟාවලි අතරට එක් වන, අසිරිමත් අපුරු ක්‍රිකට් තරඟාවලිය වන මයි ඩැඩ්, මයි සුපර් ස්ටාර් ඩැඩ්ස් ක්‍රිකට් තරඟාවලියෙන්.

ක්‍රිකට් තරගාලියේ සමාරම්භක උත්සවය අද (22) සවස 05.30ට කොළඹ තුරග තරග පිටියේදී අනූහයේ (1996) ලෝක කුසලාන ජයග්‍රාහි කණ්ඩායම සහභාගිත්වයෙන් පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහි තරග 23,24, 31,31, 6 සහ 7 යන දිනයන්හිදී කොළඹ එන්. සී. සී., බ්ලූම්ෆීල්ඩ්, බී. ආර්. සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇති.

අවසන් තරගය අප්‍රේල් හත්වැනිදා (ඉරිදා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගාවලියේ උපදේශක ලෙස කටයුතු කරන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකඅර්ජුන රණතුංග මහතායි.

අනූහයේ‍ ලෝකශූර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ තරගාවලියට එක්වන එක් එක් කණ්ඩායමේ කණ්ඩායම් නායකයින් ලෙස කටයුතු කරනු ලබනවා.

මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර්, ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සිය නිල පත්‍ර පසුගියදා ලබා ගත්තා

මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර්, ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සිය නිල පත්‍ර පසුගියදා ලබා ගත්තා.

Your Comments