අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරයි

18

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නඩු පවරා තිබෙනවා.
ඒ, මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්.
විත්තිකරුවන්ට ලබන මස 19 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී විජේරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් මෙහිදී නියෝග කළේ.
මහබැංකු බැදුම්කර නඩුවට අදාළව චෝදනා එල්ල වූ චූදිතයන්ට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකිරීමට පසුගිය දා අගවිනිසුරුවරයා අනුමැතිය ලබාදුන්නා.
ඒ, නීතිපතිවරයා විසින් ලබාදුන් කරුණු වලට අනුවයි.

Your Comments