අයහපත් කාළගුණයෙන් 79,000කට පීඩා
නායයාමේ අවධානම් නිවේදනය තව දුරටත් - තද වැසි හෙට දක්වා

26

දිස්ත්‍රික් 8 කට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හමුවේ මේ වනවිට පවුල් 20,805 ක පුද්ගලයන් 79,959 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ නිවාස 30 ක් පුර්ණ හානි වලට ලක්ව ඇති අතර නිවාස 819කට අර්ධ හානි සිදුව ඇති බවයි.

මේ අතර කලුතර, ගාල්ල , මාතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇගවීම අද පෙරවරු 10 තෙක් බලාත්මකයි.

කළු ගිං සහ නිල්වලා යන ගංගා තව දුරටත් ස්ථාන කිහිපයකින් පිටාර ගලමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර බස්නාහිර දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේත් මිලිමීටර් 200 ක පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

දිවයිනේ සෙසු පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ දැනට පවතින වැසි තත්වය අද රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇති බවයි කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ.

Your Comments