අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

43

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව, ඉවත් වන බව එම සංවිධානයේ අමෙරිකානු තානාපති නීකී හෙලී පවසනවා.
පසුගිය වසරේදී ද නිකී හෙලී ජගත් කවුන්සිලය දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබුවේ ඔවුන් ඊශ්‍රායලයට පක්ෂපාතී ලෙස කටයුතු කරන බව පවසමින්.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණයට ලක් විය යුතු බවට අමෙරිකාව නිරන්තරයෙන් ප්‍රකාශ කළ අතර එසේ නොවුනහොත් ඉන් ඉවත් වන බවට අවස්ථා කිහියකදීම අමෙරිකාව අවධාරණය කර සිටියා.
අමෙරිකානු නිලධාරීන් සහ ජගත් කවුන්සිලයේ නිලධාරීන් අතර පසුගිය සති කිහිපයේදී සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී සිය ඉල්ලීම් සපුරාලීමට කවුන්සිලයේ නිලධාරීන් අසමත් වී ඇති බවයි අමරිකාව පවසන්නේ.
ට්‍රම්ප් පරිපාලනය, ආරම්භයේ සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළ අතර ඔවුන් ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඇතැම් තීරණ දැඩි ලෙස විවේචනයට ලක් කළා.
කෙසේ වෙතත් අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම පිළිබඳ තමා පුදුමයට පත් නොවන බවයි එම කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් අල්හුසේන් සඳහන් කරන්නේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව කවුන්සිලය තුළ රැදී සිටින්නේ නම් තමන් ඒ පිළිබඳ දැඩි කැමැත්තෙන් පසුවන බවයි.

Your Comments