අම්බලන්ගොඩින් මුහුදු ජලය ගොඩ බිමට

73

අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ සිට ගොඩගම දක්වා කිලෝමිටරයක පමණ ප්‍රදේශයක මුහුදු ජලය ගොඩබිමට පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් හා වැලි ගොඩ ගසා ඇති බවයි වාර්තා වුණේ.

අද දිනයේ මුහුදේ පවතිනි රළු ස්වාභවය හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වසරක් පාසා මෙම ස්ථානයෙන් මුහුදු ජලය ගොඩට පැමිණෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර අද දිනයේ සිට 19 වන දා දක්වා දිවයිනේ බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ ඉදිරි කාළගුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක.

Your Comments