“අපේ තීරණ වැරදුනා” (VIDEO)

229

තීරණ වැරදුණු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

ජය පරාජය කෙසේ වෙතත් හොඳින් ක‍්‍රීඩා කිරීම අතිශය වැදගත් බවයි දිමුත් කියා සිටියේ.

පිතිකරුවන් ද වගකීමකින් කටයුතු කර පන්දු යවන්නන්ට දක්ෂතා දැක්වීමට නිසි අවස්ථාවක් ලබා දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

මෙවැනි තණතීරුවල ක‍්‍රීඩා කිරීමේ දී තරගයේ කාසියේ වාසිය ද ප‍්‍රබල සාධකයක් වන බව දිමුත් පෙන්වා දෙනවා.

Your Comments