අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු පහක් රිමාන්ඩ්

28

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාස සහ උතුරු මැද පලාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ජුනි මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පපානී වික්‍රමසිංහ මහත්මිය අද(17) නියෝග කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30කට අධික දේපළ අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ සැකකරුවන් නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට භාර වූ අවස්ථාවේදී සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාස, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්. සිරිපාල, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නුවන් තෙන්නකෝන්, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිණි සහ ග්‍රාම නිලධාරී ජගත් චන්ද්‍රසිරි යන සැකකරුවන්ය.

Your Comments