අධිවේගී මාර්ග 10ක් හරහා ඉදිකෙරුණු ඉතාලියේ ගුවන් පාලමක් කඩාවැටෙයි

68

ඉතාලියේ ජෙනෝවා (Jinova) නගරයට ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයක ගුවන් පාලමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 22කු දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් තවත් 15කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති අතර කඩා වැටුණු පාලමේ සුන්බුන් අතර තවත් පිරිසක් සිර වී සිටින බවයි ඉතාලි ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

සිරවී සිටින්නන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා 300කට අධික පිරිසක් යොදවා ඇති බව සඳහන්.

ඉතාලියට බලපා තිබෙන දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙම ගුවන් පාලමේ ආධාරකයක් පළමුවෙන් කඩා වැටී ඇති බයි අනාවරණය වී ඇත්තේ.

එය අධිවෙිගී මාර්ග 10ක් හරහා උතුරැදිග ඉතාලියේ ඉදිකර ඇති අතර මීටර් 80ක් උසැති දැවැන්ත පාලමක් වනවා. 

Your Comments