අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

40

අද(04) සහ හෙට(05) යන දෙදිනම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම මාධ්‍ය අංශය පසුගියදා නිකුත් කළ නිවේදනයට අනුව අද සහ පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේද ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි සදහන් වන්නේ.
එසේම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් සියලුම රාජ්‍ය ආයතන සඳහා අද නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව ස්වදේශ කටයුත් සහ පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා.
එසේම ඊයේ රාත්‍රී 10ට පැනවූ ඇඳිරි නීතිය එළැඹෙන සෙනසුරාදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතයි.
එම කාලයේදී දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කාලය තුළදී දිවයිනේ දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන අයුරින් විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
ඒ අනුව දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී පුද්ගලයන් සහ රථ වාහන පරීක්ෂාවට ලක් කරන ලෙසට පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් අවසර හිමි වනවා.

Your Comments