අදත් 16 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූවන් ගණන 620 දක්වා ඉහළට

17

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල් ගතව සිටි තවත් 16 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ රෝහල් හතරක ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙක් මෙලෙස අද දිනයේ පිටව ගිය බවත් ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ යන බවත්ය.
මෙලෙස පිටව ගොස් ඇත්තේ නාවික හමුදා රෝහලෙන් රෝගීන් හත් දෙනෙක්ද ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් රෝගීන් 4 දෙනෙක්ද මුල්ලේරියාව මූලික රෝහලෙන් රෝගීන් තිදෙනෙක්ද වැලිකන්ද මූලික රෝහලෙන් රෝගීන් දෙදෙනෙක්ද වශයෙනි.
ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 426ක් වනවා.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් ගණන වන 1055ක් වන අතර ඉන් 9 දෙනෙක් මරණයට පත්වූවා.
කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් 110 දෙනෙක් මේ වන විට රේහල්ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මේ අතර පසුගිය පැය විසි හතරක කාලයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු කළ රෝගීන් 27 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 22 වන දින සිට අද(22) පෙරවරු 10 දක්වා වූ කාලයේදී කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 747 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 632 දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයන් සහ ඒ ආශ්‍රිතයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පසන්නේ.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 596ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඉන් මේ වන විට නාවික හමුදා සාමාජිකයන් 250ක් පමණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. එලෙස සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් රෝහල්වලින් පිටව ගියද තවත් දින 14ක නිරෝධායනයකට යටත් කෙරෙනවා.

 

Your Comments