අතුරුදන්වූ කොස්තාපල්ගේ සිරුර සොයා ගැනේ

33

පැහැර ගැනීමට ලක්වූ කඩවත පොලීසියේ කොස්තාපල්වරයාගේ සිරුර පන්නල – වේරහැර – බුළුගොඩ ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී සොයාගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මීට දින 5කට පෙර කොස්තාපල්වරයා අතුරුදන්ව තිබුණා.
ඔහු සොයා කැළණිය කොට්ඨාශ අපරාධ අංශ නිලධාරීන් විසින් පන්නල – කංකානියාමුල්ල රක්ෂිතයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර පසුව සිද්ධියට පුද්ගලයින් 9 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළා.
ඒ අතර ප්‍රධාන සැකකරු ද සිටි අතර අනතුරුව ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී කොස්තාපල්වරයාගේ සිරුර ළඳු කැළෑවක තිබී සොයාගෙන තිබෙනවා.
ඝාතනය කෙරුණු පොලිස් කොස්තාපල්වරයා වීරකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි දෙදරු පියෙක්.

Your Comments