අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට තංගල්ලේදී පොලිසියෙන් වෙඩි

43

අණ නොතකා ධාවනය වු වෑන් රථයකට පොලීසියෙන් තංගල්ල ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කුඩාවැල්ල ප්‍රදේශයේ දී ඊයේ දිනයේ සිදු වු මනුෂ්‍ය ඝාතන සිදුවීම් හේතුවෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා.
ඒ ආසන්නයේ මාර්ගයේ ගමන් කරමින් තිබු වෑන් රථයකට නැවැත්වීම සඳහා පොලිස් සංඥා ලබා දී ඇති නමුත් පොලිස් නිලධාරින් අනතුරට ලක්කර පලා යෑමට සුදානම් වන අවස්ථාවේ පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.
වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර එහි අයිතිකරුවන් සොයා තංගල්ල පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Your Comments