අඟහරු පෘථිවිය ආසන්නයටම එයි

52

වසර 15කට පසු හෙට දිනයේ අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

ඒ අනුව රාත්‍රී 7 සිට 10 දක්වා කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී මෙය දුරේක්ෂයක් මගින් නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේ හෙට අඟහරු පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් සමීපයෙන් ගමන් කරන බවයි.

මීට පෙර අඟහරු ග්‍රහයා මෙලෙස පෘථිවිය ආසන්නයෙන් ගමන් කර ඇත්තේ 2003 වසරේදි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා.

Your Comments