අකුරණදී 13 දෙනෙකු අත්අඩංගුවට [VIDEO]
හේරත් ඒකනායක - මහනුවර

821

මහනුවර – අකුරණ නගරයේ දී යුද හමුදාව විසින් හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
එහිදී සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
මෙහෙයුමේදී කඩු 3 ක්, කිනිසි කිහිපයක්, තවුහිත් ජමාත් සංවිධානයට අයත් පෝස්ටර් සහ බැනර් තොගයක්, එම සංවිධානය මගින් පටිගත කළ ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි සහ වායු රයිෆලයක කොටසක් ද සොයා ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මේ වනවිට කටුගස්තොට පොලීසියට භාරදී ඇති බවයි යුද හමුදා 11 වන සේනාංකාධිපති මේජර් ජනරාල් තිස්ස නානායක්කාර ප්‍රකාශ කළේ.

වීඩියෝව මෙතැනින් බලන්න Click Here


Your Comments