මාකොළ බැංකු නිලධාරිණියකට සහ ව්‍යාපාරිකයකුට කොරෝනා

7

කොවිඩ් 19 ආසාදිත බැංකු නිලධාරිණියක් තම පරිපාලන බලප්‍රදේශයෙන් ඊයේ දිනයේ වාර්තා වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ බැංකු නිලධාරිණිය මාකළෙ දකුණු ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.

එසේම ඇය මරදාන ප්‍රදේශයේ වානිජ බැංකුවක සේවිකාවක් වනවා.

මේ අතර ව්‍යාපාරිකයකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔහු පසුගිය දිනක නඩු කටයුත්තක් සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයට ගොස් නීතිඥවරයකු මුණගැසී ඇති බවත් අදාළ නීතිඥවරයාට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණ වීමෙන් පසුව අදාළ ව්‍යාපාරිකයාද නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ව්‍යාපාරිකයාට සිදු කරන ලද PCR පරීක්ෂණයකින් අනාවරන වී ඇත්තේ ඔහු කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.

 

Your Comments