පොළොන්නරුවේ කතකටත් කොරෝනා

5

පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවකටද කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව අනාවරණ වනවා.

සෞඛ්‍ය අංශ කියා සිටියේ අරලගංවිල, කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.

වෙනත් අසනීපයක් සඳහා රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී සිදු කළ PCR පරීක්ෂණයකදී අදාළ කාන්තාවට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

අදාළ කාන්තාවගේ ආශ්‍රිතයන් සොයා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

 

Your Comments