නිරෝධායනය අවසන් කළ 198 දෙනෙක් නිවෙස් වෙත

7

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර අද 1, 974 දක්වා ඉහළ ගියා.

ඒ නව ආසාධිතයින් 73 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

ඉන් දෙදෙනකු ඇගළුම් සේවකයින් වන අතර අනෙක් 71 දෙනා ආශ්‍රිතයින්.

මේ වන විට බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා සේවකයින් 1, 043 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිත ආසාධිත සංඛ්‍යාව 931ක්.

මෙරට සමස්ත ආසාධිතයින් ගණන 5, 427ක් බවට පත්ව තිබෙනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2019ක්.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 198 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා.

කන්දකාඩු මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනයෙන් පසු 41 දෙනෙකු නිවෙස් බලා පිටව ගියේ යුධ හමුදා බස් රථ දෙකකින්.

විදේශ රටවල සිට පැමිණ තිබූ ඔවුන් මහනුවර, කොළඹ හා මාතර ප්‍රදේශවල පදිංචි පිරිසක්.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව මධ්‍යස්ථානයේ දින 21ක නිරෝධායනය අවසන් කළ 50 දෙනෙකු ද අද නිවෙස් බලා පිටත්ව ගියා.

ඔවුන් පොළොන්නරුව, ඇඹිලිපිටිය, මාතර සහ කොළඹ පදිංචි පිරිසක් බවයි යුධ හමුදාව සඳහන් කළේ.

යුධ හමුදා මධ්‍යස්ථාන 86 ක් තුළ තවදුරටත් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 9, 415 ක්.

Your Comments