YouTube එකෙන් සල්ලි හම්බ කළ ගායකයාට අම්මාවත් හඳුනාගන්න බැරි වෙයි

 10/05/2017 - 15:33
426 reads

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් ලංකාවේ ප්‍රවීණ සංගීතවේදියකුගේ ජීවිතය අළලා නිර්මාණය කර ඇතැයි කියවෙන ගීතයක් සම්බන්ධව බොහෝ දෙනාගේ විරෝධතාව මතු වුවා.

එම ගීතයේ රූපරචනාවට සම්බන්ධ වූ රංගන ශිල්පිණියට ද පසුගියදා කොරියානු සංචාරයකදී කෙසෙල් ගෙඩි සහ ජල බෝතල් ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.

එම ගීතයට බොහෝ දෙනා විරෝධතාවය පළකරනවා.

එයට පිළිතුරක් වශයෙන් තරුණයින් පිරිසක් එම ගීතයට පිළිතුරු ගීතයක් යැයි කිව හැකි ගීතයක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම ගීතයේ රූප රචනාවේ අවසානයට දැක්වෙන්නේ YouTube මගින් මුදල් උපයන  තරුණයාට අවසානයේ සිය මව හඳුනාගැනීමට නොහැකිවන ආකාරයයි.

වීඩියෝව අන්තර්ජාලයට එක් කරමින්  සටහනක්  ද දක්වා  තිබෙනවා.
එය මෙසේයි.

"තම අඩුපාඩු දියුණුවට බාධාවක් කර නොගත්, නොහැකියාවම හැකියාව කරගත් තරුණයෙකුගේ අනුවේදනීය මනඃකල්පිත කතා වස්තුව."

 

Comments