මියගිය පුතුගේ හදවත දන් දුන්නේ ඔහුටයි - වෛද්‍ය මව පුතුගේ හදවතින් සංවේදීව...

 09/10/2017 - 08:16
214 reads

ඇය වෛද්‍යවරියක්.

ඇයගේ එකම පුත්‍රයා මරණයට පත් වූවා.

ඇය තීරණයක් ගත්තේ පුතුගේ සෑම අවයවයක්ම දන් දීමට....

ඇයගේ පුතුගේ හදවත බද්ධ කළේ මැදිවියේ පුද්ගලයෙකුටයි.

සැත්කමෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය ඔහු පළමුව 'හදවතේ අයිතිකරුගේ' මවට කෘතඥතාව පිරිනමන්නට පැමිණියා.

ඔහු ඇයට හදවතින්ම ස්තුතිය පිරිනැමුවා.

එහි දී ඇයට තම 'පුතුගේ හදව⁣තෙන්' ගලා එන ආදරය දැනුණා.

එය සංවේදී අවස්ථාවක්.

ඇයට තම සෙනෙහෙබර පුතුණුවන් යළි යළිත් සිහියට නැගුණා.

පුතු නිසා දිවි රැකුණු ජීවිතයක්....

මේ අතර මොළය අක්‍රීය වීමෙන්  මිය යන පුද්ගලයන්ගේ අවයව දන්දීමේ ප්‍රවණතාවක්  දැකිය හැකි බව ජාතික වකුගඩු මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේ වසරේ ගත වූ කාලය තුළ මොළය මිය ගිය පුද්ගලයින් 17 දෙනෙකුගෙන් වකුගඩු  දන් දී ඇති බවයි.

පුද්ගලයින් 750ත් 1000ත් අතර ප්‍රමාණයක් මොළය මිය යෑමෙන් වසරකට මිය යන බව ද විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කියා සිටියා.