STF විසින් අපරාධකරුවන් මෙල්ල කළ අවස්ථාවේ සජීවී වීඩියෝව....

 08/13/2017 - 07:28
98 reads

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ අපරාධ කල්ලියක් අතර ඊයේ පස්වරුවේ මීගමුව කුරණ හංදියේදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරුවෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එලෙස මාරුකර යවා ඇත්තේ සිදූව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ  අනෙක් පුද්ගලයා තවදුරටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අපරාධයක් සිදු කිරීම සඳහා වෑන් රථයකින් පිරිසක් පැමිණෙන බවට පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එම වෙඩි හුවමාරුව සිදුව තිබුණා.

වෑන් රථය පරීක්ෂා කිරීමට යාමත් සමග සැකකරුවන් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව පොලීසිය වෙත භාර දී තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබූ ටී.56 ගිනිඅවි දෙකක්, පිස්තෝලයක් සහ ඔවුන් පැමිණි වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සබැඳි පුවත්

විශේෂ කාර්යය බලකාය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි හුවමාරුවෙන් දෙදෙනෙකුට තුවාල

Comments