ප්‍රින්ස් මතකාවර්ජනය චන්දන ලියනආරච්චිගෙන්

 06/09/2017 - 11:21
482 reads

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන  ශිල්පී  ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ගැන NEWS24 සමග මතකාවර්ජනයකට එක්  වූ ජනප්‍රිය ගායන ශිල්පී   චන්දන ලියන ආරච්චි මහතා පවසන්නේ ප්‍රින්ස් දිනාගත්  රසිකත්වය කාලාන්තරයක් පවතිනු ඇති බවයි.

කලක සිට රෝගාතුරව සිටි ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී  ජීවිත්කෂයට පත්වන විට  47 වියේ පසුවුණා.

ඇල්පිටිය - නවඳගල ගම්මානයේ උපත ලැබූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත යටගල කණිෂ්ඨ විද්‍යාලයෙන් සහ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

උසස් අධ්‍යාපනය සඳහා ඔහු ඇතුළු වන්නේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයටයි.

අනතුරුව ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලා දිවියට ප්‍රවේශවන්නේ ජාතික තරුණ සේවා සභාවෙන්.

සුදුමල් පොකුරක්, සඳරේනු වෑහෙනා, කැලෑ මලේ කොහේ ගියාදෝ, සීගිරියේ කුරුටු ගීත ලස්සනයි, මා එදා කියු දේ, මහද ප්‍රේමාදරේ, ඔබ හා ගෙවූ අතිතේ, වෙරළ කොනක, පෙම්වතුන් සිනාසේ ආදී ගීත ගණනාවක් ඔහු විසින් ගායනා කරුණු ලැබුවා.


ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා දේහය 10 දා පෙරවරු 10.00 දක්වා  කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේ තැන්පත් කෙරෙන බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති  පැස්කුවෙල් මහතා පවසනවා.

ඉන්පසු දේහය ගාල්ල, ඇල්පිටිය, නවදගල, සිරිපුර නිවසට රැගෙන යනු ඇති.

අවසන් කටයුතු ලබන ඉරිදා (11) සිදු කිරීමට නියමිතයි.