ගැටුම් නිරීක්ෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ගුවනින් තෙල්දෙණියට

 03/06/2018 - 16:31
95 reads

කළහකාරී තත්ත්වයක් ඇති වූ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයට අද පස්වරුවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.
පාර්ලිමේන්තුවේ රැදී සිටින නිව්ස් 24 විශේෂ නියෝජිතයා සඳහන් කළේ පරිශ්‍රයට පැමිණි හෙළිකොප්ටර යානයකින් ඔවුන් පිටත්ව ගිය බවයි.
ඒ අනුව එස්.බී දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසර් කාසීම් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් එලෙස පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එම අවස්ථාවේ වීඩියෝවක් ඉහතින් නරඹන්න.