නාමල් උඩුගම නොසලකා හැරි බව කියන රසිකයාට රංජන් රාමනායක පිහිට වෙයි

 12/27/2017 - 12:18
223 reads

පසුගිය කාලයේ දැඩි සේ කතාබහට ලක් වූ නාමල් උඩුගම ගායන ශිල්පියාගේ සැත්කමෙන් අනතුරුව නැවතත් ඔහු සම්බන්ධව විවිධ පුවත් පලවනවා.

ඒ, ඔහු සිය අක්මා බද්ධ සැත්කම වෙනුවෙන් ඉදිරිපත් වූ රසිකයාව රවටමින් සැත්කම සිදුකරගෙන ඇති බවයි සඳහන්.

අක්මාවෙන් 10%ක ප්‍රමාණයක් ලබාගන්නා බව දන්වා 68%ක ප්‍රමාණයක් ගෙන ඇති බවයි එම තරුණයා පුවත්පතකට අදහස් දක්වමින් කියා තිබුණේ.

සැත්කමෙන් අනතුරුව රෝහල් ගාස්තු වැඩි බව පවසමින් නාමල්ගේ බිරිඳ වන රංගන ශිල්පිනි රුවන්ති මංගලා ඔහුව රෝහලෙන් ඉවත්කළ බවත් එම තරුණයා පවසා තිබෙනවා.

අනතුරුව ඔහුට සැත්කම සිදුකළ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පතක් හෝ ලබා නොදුන් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් එම සිද්ධියත් සමඟින් ඊට මැදිහත්වෙමින් අසාධාරණයට ලක්වූ තරුණයාට උපකාර කිරීමට රංජන් රාමනායක මහතා ඉදිරිපත්ව තිබෙනවා.

නාමල් උඩුගම කලාකරුවා වෙනුවෙන් තමුන්ගේ අක්මාවෙන් 65% වැඩි කොටසක් පරිත්‍යාග කල අහිංසක රසිකයාට අපි සියලුදෙනා එක්වී උදවු කරමු, ඔහුව තනි නොකරමු. උදව් කරන්න කැමති අය කතා කරන්න 0773624927 සාලිය, 0715228303 ක්‍රිශාන්ත.