'දූෂිත දේශපාලනය' ට එරෙහිව ජනපතිගේ ප්‍රකාශය

 12/24/2017 - 09:10
44 reads

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවා සම්බන්ධයෙන් සොයා බැලීමට ද කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ  බව සඳහන් කළා.

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කළ කොමිසමේ වාර්තාව ලැබීමෙන් අනතුරුව නව කොමිසම පත් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා අවධාරණය කළේ පිරිසිදු දේශපාලනයක් සඳහා කැපවන බවයි.

2014 නොවැම්බරයේ ආණ්ඩුවෙන් ඉවත්වූවා සේ,  කිනම් ඉරණමක් අත්වුවද දූෂිත දේශපාලනය ට එරෙහිවී, රට ගොඩ නැගීමට ක්‍රියා කරන  බවයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.