සිරිපා කරුණාව ඇරඹෙයි

 12/03/2017 - 14:37
14 reads

මෙවර සිරිපා වන්දනා වාරය අද (03) උදෑසන 5.40 ට යෙදුනු සුභ නැකතට අනුව ආරම්භ වුණා.

ඒ ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී පාද පද්මය සුවඳ පැණින් දෝවනය කිරිමෙන් අනතුරුව සඨාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවභාරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කරනු ලැබුවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වු පළමු දිනයේම අයපහත් කාළගුණයද නොතකා විවිධ ප්‍රදේශවල සිට සිල් සමාදම්වීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී පාද මළුව වෙත පැමිණ සිටියා.

සමන් දේව ප්‍රතිමාව සඨාතුක කරඩුව හා දේවාභරණ ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාද මළුව දක්වා පෙරහැරතුනක් මගින් ඊයේ (02) වැඩම කළේ රත්නපුර පලාබද්දල මාර්යෙන්, බලංගොඩ බගවන්තලාව මාර්ගයෙන් සහ රත්නපුර අවිස්සාවෙල්ල හැටන් මස්කෙළිය මාර්ගයෙන්.

වන්දනාකරුවන් වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්‍ෂිත පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. වන්දනාකරුවන් වෙනුවෙන් පහසුකම් රැසක්ද රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකමි කාර්යාල විසින් සලසා ඇති බවයි පැවසෙන්නේ.