"පෙට්‍රල් ප්‍රශ්නය නිසා හොඳට බැනුම් අහනවා... මගේ කෑලි ගලවනවා... මට බණින අය හිතනවා ෂෙඩ්වල පෙට්‍රල් බෙදන්නේ මම කියලා" - ජනපති බත්තරමුල්ලේදී කියයි

 11/08/2017 - 20:36
54 reads

දින කිහිපයක් පුරා උද්ගත වී ඇති පෙට්‍රල් අර්බුදය හේතුවෙන් සමාජ ජාල මාධ්‍ය තුළ වැඩි වශයෙන් බැණුම් ඇසීමට ලක්වන්නේ තමන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (08)පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති පුජ්‍ය  මාදුළුවාවේ  සෝභිත හිමියන්ගේ  දෙවැනි ගුණ සමරු උත්සවය අමතමින්.

තමන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පුරවන බවට ඇතැමුන් සිතා සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේ.

ජනතාව එසේ සිතීම වරදක් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ.

ජනාධිපතිවරයා මෙහිදී කළ ප්‍රකාශය ඉහතින් නරඹන්න.