සෞදි රියාද් ගුවන් තොටුපළට එවූ මිසයිලය විනාශ කළ හැටි

 11/05/2017 - 11:59
384 reads

යේමනයේ සිට එල්ල වූ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් සාර්ථකව වලක්වා ගැනීමට හැකි වූ බව සෞදි අරාබිය පවසනවා.

රියාද් අගනුවර ආසන්නයේදී එම මිසයිලය පුපුරවා හැරි බවත් එහි කොටස් රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයට පතිත වූ බවත් එරට බලධාරීන් සඳහන් කළා.

කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

ගුවන් ගමන් සඳහා ද මේ වන විට බලපෑමක් එල්ල වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෞදි අරාබියට එල්ල කළ ප්‍රහාරයේ වගකීම හවුදි ත්‍රස්තයන් භාරගෙන තිබෙනවා.

ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරය, ගුවන්තොටුපළ ප්‍රති මිසයිල පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවීමෙන් මැඩලා තිබෙනවා.