හඳුනානොගත් රෝගයකින් පෙළෙන මව රැක බලා ගන්නා බෝසත් පුතා

 11/04/2017 - 09:16
48 reads

ඇය 52 වියේ පසුවන එරන්දි  මනමේන්ද්‍ර   මහත්මියයි. හඳුනා නොගත් රෝගයකින්  ඔත්පලව සිටින්නීය.

ලෙඩ ඇඳේ සිටින මවට උපස්ථාන කරන්නේ ඇයගේ පුතුණුවන්. මේ බෝසත්  පුතා  22 හැවිරිදි සඳුන් දිසානායක
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුල්නෑව නව ගම්මානයේ මොවුන් පදිංචිව සිටින්නේ තවමත් නිසි ලෙස ඉදි නොවූ නිවෙසකයි.
දැඩි වෙහෙසක් දරමින් මවගේ සියලු ඕනෑ එපාකම් ඉටු කරමින් ඇයව නහවා කවා පොවා කැත කුණු අතගා මව සුවපත් කර ගැනීම සඳහා වෙහෙස ගන්නා සඳුන් වත්මන් සමාජයට ආදර්ශයක්.

මීට වසර දෙකකට ඉහතදී සඳුන්ගේ පියා ඩබ්ලිව්.එම්. දිසානායක මහතා හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා.

එකම දරුවා වූ සඳුන්ට අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන්  දවස සරිකර ගැනීමට සිදුව ඇත්තේ  මව තනිකර නිවසින් පිට යා නොහැකි නිසාවෙන්.

උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ සඳුන් ට රැකියාවක් කිරීමට අවස්ථාවක් නැහැ.

මවගේ කොඳුඇට පෙළසහ අතක  අස්ථි  කිසිඳු හේතුවක් නොමැතිව බිඳී ගොස්  ඇති බව සඳුන් පවසනවා.
අනුරාධපුර මහ රෝහලේ  ප්‍රතිකාර ලබා නිවසට පැමිණීමට සිදුව ඇත්තේ රෝගය හඳුනා නොගත් නිසාවෙන්.

මෙම ආදර්ශමත් තරුණයා පිළිබඳ සොයා බැලීමට NEWS24 දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර  බුල්නෑව නව ගම්මානයට ගියේ ඉල්පුන් පෝදා.

මවගේ ආහාර වේල සකසමින්, ආහාර කවමින් පමණක් නොව රෙදි   තෙමා  මව පිරිසිදු කරන ආකාරයත්, උදේ හවස  මල් පූජා කරමින් සිය මව සුවපත් කර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ අභිමුව පැතුම් පුරන ආකාරයක් ද දක්නට ලැබුණා.

ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මතු  බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ  බුද්ධත්වය උදෙසා විවරණ ගත්, ඉල් පෝය දිනයේ හමුවූ  සඳුන්ට මව සුවපත් කරගැනීම සඳහා උදව් උපකාර අවශ්‍යවෙයි.

මව්පියන් වියපත් වූ විට, අසනීප වූ විට තැන තැන දමා යන සමාජයක බුද්ධිමත් තරුණ පුතෙකු සිය මව  මේ ආකාරයෙන් රැක  බලා ගැනීම  ආදර්ශයක්ම නොවන්නේද?

ලිපිනය...
සදුන්  දිසානායක
අංක 32,
නවගම්මානය,
බුල්නෑව.
සඳුන්ගේ දුරකථන අංකය 0713808958