ජනතාව මවිත කරමින් චීනය අභිබවා උතුරු කොරියාව ගිනස් පොතට ගිය හැටි

 10/31/2017 - 11:28
96 reads

උතුරු කොරියාව දුරදිග මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ රටවල දෝෂාරෝපණයට ලක්වූ රටක්.

ඒ සම්බන්ධයෙන් උතුරු කොරියාවට ආර්ථීක සම්බාධක පැනවුණු අතර අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් දැනටමත් උතුරු කොරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබෙනවා.

එවැනි පසුබිමක තමන් තවත් දක්ෂ බව ලොවට ඔප්පු කර පෙන්වීමට උතුරු කොරියාව සමත් වන්නේ නව ගිනස් වාර්තාවක් තබමින්.

ඒ, 'Artificial intelligence' (කෘතිම බුද්ධිය) නම් තාක්ෂණය යොදා ගනිමින් එකවර රොබෝවරුන් 1069 දෙනෙකු නර්ථනයේ යොදවාගෙනයි.

Artificial intelligence (කෘතිම බුද්ධිය) නම් තාක්ෂණය මගින් රොබෝවරුන්ට සිතිමේ හැකියාව ඇති බවත් ඒ අනුව ඔවුන්ට යමක් සිතා කටයුතු කිරිමේ හැකියාව පවතින බවත් උතුරු කොරියාව කියා සිටිනවා.

ලොව රටවල් උතුරු කොරියානු න්‍යෂ්ඨික අවි නිෂ්පාදන දැක බියට පත්ව සිටියත් උතුරු කොරියානු ජනතාව Artificial intelligence (කෘතිම බුද්ධිය) නම් තාක්ෂණය ගැන සිතා බියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම තාක්ෂණය හේතුවෙන් ඉදිරියේ දී පුද්ගලයන්ගේ රැකියාවට ද බලපෑම් එල්ලවිය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් මෙයට පෙර රොබෝවරුන් 1007ක් යොදාගෙන නර්ථනයක් ඉදිරිපත් කිරිමෙන් ගිනස් වාර්තාවක් තැබීමට චීනය සමත් වුණා.

ඒ 2006 වර්ෂයේ දී වන අතර එම වාර්තාව උතුරු කොරියාව විසින් බිඳ දමා තිබෙනවා.