කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය වැඩි නිසා බරපතල අර්බුද රැසක්

 10/07/2017 - 14:46
220 reads

මව් සතුන් අනවශ්‍ය ලෙස ආනයනය තුළින් දිවයිනේ කුකුළු මස් සහ බිත්තර අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනයවීම නිසා බරපතල අර්බුද රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කරන්නේ අදාළ ගැටලු සම්බන්ධයෙන් ලබන 10 වන දා විෂයභාර අමාත්‍ය පී. හැරිසන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

එහෙත් එහිදී ද නිසි විසඳුමක් නොලැබුණ හොත් කුකුල් පාලනයේ නිරතවූවන් එක්ව දැවැන්ත අරගලයක් සිදු කරන බව දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news