දේශීය ඉන්ධන විකිණීම සඳහා වන චීන ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

 10/05/2017 - 09:34
217 reads

දේශීය ඉන්ධන විකිණීම සඳහා දිවයිනේ විශාලතම තෙල් පිරිපහදුව ලංකාවේ ඉදි කිරීමට චීන සමාගම් විසින් කර ඇති යෝජනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට වරාය චීනයට පැවරීමත් සමඟ චීන සමාගම් සඳහා කර්මාන්තපුරයක් ඇති කිරීමත් එහි ඇමරිකානු ඩොලර්  බිලියන 03ක වියදමින් තෙල් පිරිපහදුවක් ඇති කිරීමට යෝජනා වී ඇත්තේ.

චීනයේ Huanqiu Contracting & Engineering Corp එරට රාජ්‍ය සමාගමක් වන China National Petroleum Corpහි අනුබද්ධිත සමාගමක් වන අතර වරාය අසළ ඇති Shandong Dongming Petrochemical Group නම් පුද්ගලික පිරිපහදු ආයතනය වරාය අසල ඇති පිරිපහදු සඳහා ලංසු ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ චීන සමාගම් විසින් මේ සඳහා ඉල්ලීම් කළ ද ඊට ඉඩ ලබා නොදෙන බවයි.

මේ වන විට දේශීය නිෂ්පාදන ඉහළ යාම නිසා ඊට ඉඩලබා දිය නොහැකි බවත් ලංකාවේ නිෂ්පාදිත පමණක් විදෙස් රටවලට අපනයනය කිරීමට ඉඩ ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා තිබෙනවා.

    

news24.lk
News24
sri lanka news 24
24 news