ඌවේ රටකජු වගාව 80%කින් පහළට - මිල ඉහළ යන ලකුණු

 09/30/2017 - 14:43
46 reads

නිසි පරිදි යල කන්නයේ දී වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතේ රටකජු වගාව සියයට 80කින් පමණ පහළ ගොස් ඇතැයි ගොවීන් පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ රටකජු වගා කළ ගොවිබිම් සියල්ලක්ම පාහේ මේ වනවිට පුරන්ව පවතින බවයි.

එමෙන්ම බීජ සිට වූ ගොවීන් එම බීජ පැළ නොවීම හේතුවෙන් මහත් අසීරුතාවයට පත්ව ඇති බව සඳහන්.

මේ හේතූන් නිසා රටකජු මිල ඉදිරියේ දී සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවයි ගොවීන් පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
peanut