හේමාස් රෝහල් සමූහය විසින් රාජ්‍ය සේවකයින්ට උපහාර වැඩසටහනක්

 09/28/2017 - 13:39
11 reads

ශ්‍රී ලාංකේය රෝහල් ක්‍ෂේත්‍රයේ ප්‍රථම වරට හේමාස් රෝහල් සමූහය විසින් සමස්ත රාජ්‍ය සේවකයින් වෙත උපහාර ප්‍රතිලාභ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සුව සේවා ක්‍ෂේත්‍රයේ දැනට පිරිනැමෙන ඉහළම ප්‍රතිලාභ සමූහය ලබා දීමටයි හේමාස් සමූහ ව්‍යාපාරය පියවර ගෙන ඇත්තේ.

මෙම වැඩසටහන යටතේ බාහිර රෝගී වෛද්‍ය උපදේශන සේවා නොමිලේ ලබා දෙන අතර විශේෂඥ උපදේශන සේවාවලදී අය කරන රොහල් ගාස්තුවෙන් සියයට 50ක වට්ටමක් ද ලබා දෙනු ඇති.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news